Colombo Today Local News

“බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

විල්පත්තු රක්ෂිතය තුළ කිසිදු ආකාරයේ අනවසර ඉදිකිරීමක් සිදුකර නැති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

‘මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වන සංරක්ෂණ නිලධාරීන් ගෙන්වා කරුණු විමසුවා. 1915 ලියන ලද ඔප්පු සහිත ඉඩම් මේ ප‍්‍රදේශයේ තිබෙනවා. මේ නිවාස හැදෙන්නේ අභය භූමිය තුළ නොවෙයි මායිමේ.

කොටි සංවිධානය පැය 24 යි දුන්නේ. මුස්ලිම්වරු සියල්ල උතුරින් යන්න කියලා යුද්ධ කාලයේදී කිව්වා. ඒ වෙලාවේ, කුඩා ළමයෙක් හැටියට රිෂාඩ් පුත්තලමේ කදවුරෙන් මෙහාට ඇවිල්ලා ඡන්දය ඉල්ලුවේ. එතකොට එතැන හිටපු මනුස්සයාට රුදාවක් තියනවා එතැන හිටපු මිනිස්සුන්ව නැවත මෙතැනට ගේන්න. එහෙම නැත්තම් ඒ මනුස්සයාට එතැන ඉන්න බෑ. මේක හොදට අපි අවබෝධ කරගන්න ඕන. මනුස්සකමක් තියෙන්න ඕන“ යැයිද මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඇමතිවරයා පැවසීය.

විල්පත්තු රක්ෂිත මායිමේ රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිකිරීම් සිදුකරන වනාන්තර භූමිය මුස්ලිම් ජනතාවට කලින් පදිංචිව සිටි තැනක් බව රාජිත ඇමතිවරයා පැවසුවද,  එය එසේ නොවන බව, අදාළ ඉදිකිරීම් සදහා අදාල ඉඩම් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පහත ලිපි වලින් පැහැදිළි වේ. මේ වන විට විල්පත්තු රක්ෂිත මායිමේ එළිකරමින් පවතින වනාන්තර භූමිය රජයේ වන රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද භූමි ප්‍රදේශයක් බව පරිසර සංවිධාන අවධාරණය කරයි.

 

Related posts

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

colombotoday