Colombo Today Local News

සූර සරදියෙල්ගේ නමත් බ්‍රිතාන්‍ය දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු තවත් ජාතික විරුවන් කිහිප දෙනෙකුගේ නම් එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණු කැප්පැටිපොළ මහ නිලමේ ඇතුළු විරුවන් 19 දෙනෙකු පසුගියාද ජනාධිපතිවරයාගේ නියෝගයෙන් එම බිතාන්‍ය දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවා.

උතුවන්කන්දේ සරදියල් ඇතුළු විශාල පිරිසක් මේවනවිටත් මෙලෙස රාජ ද්‍රෝහීන් ලයිස්තුට ඇතුළත්ය.

1817 සිට 1948 දක්වා කාලයේ අවස්ථා 03ක දී වීරවරයන් 980 දෙනෙකු බ්‍රිතාන්‍ය විසින් දේශද්‍රෝහින් ලෙස නම්කර ඇති අතර ඔවුන් සියලූ දෙනා රට ජාතිය වෙනුවෙන් දිවි පිදූවන් වන බැවින් ඒ අනුව දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර ඔවුන්ට ගෞරව දැක්විය යුතු බව ජනපතිවරයාගේ අදහස වී ඇතැයි පැවසේ.

දරුණුකමත්, සාධාරණත්වය සපිරි විවාදාත්මක වීර ක්‍රියා කළ පුද්ගලයකු වූ උතුවන්කන්දේ සරදියල්ව සුදු අධිරාජ්‍යවාදීන් විසින් එල්ලා මරණයට පත් කරන ලද්දේ 1864 මැයි මස 07 වැනි දිනදීය.

Related posts

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී (Video)

colombotoday

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday