Colombo Today Local News

හිතේ හැටියට බනින්න අවසරයි, මරණ තර්ජන බෑ.. ෆේස්බුක් එකෙන් ජනපතිට තර්ජණය කළ සුගත්ට නිදහස

fct fld4h

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මරණිය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරද පිළිගත් සුගත් කුමාර ලක්මන නමැති සැකකරුට තරයේ අවවාද කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුව ඔහු මුදා හැරීමට නියෝග කළේය.

මැලේසියාවේදී අත් අඩංගුවට ගත් මෙම සැකකරු දින 25 කට ආසන්න කාලයක් අදාළ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී රහස් පොලිසිය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරු බවයි විත්තිකරු ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ කටයුතු විවේචනය කිරීමට පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම අයිතියක් ඇති බව කී විත්තියේ නීතිවේදියා මේ හේතුවෙන් වරද පිළිගැනීමට විත්තිකරු සුදානම් නොමැති බවයි ප්‍රකාශ කළේ.

අසභ්‍ය වචන

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ කටයුතු විවේචනය කිරීමට පුරවැසියන්ට හිමිකමක් තිබුනද ජනාධිපතිවරයා වෙත මරණිය තර්ජන එල්ල කිරීමට එවැනි හිමිකමක් නොමැති බවයි.
මෙමෙ ක්‍රියාව සිදු කිරීමේදී විත්තිකරු භාවිතා කර ඇති වචන සභ්‍ය නොවන බව කි මහේස්ත්‍රාත්වරයා මෙම චෝදනා සැහැල්ලුවෙන් සලකා බැලිය නොහැකි බවයි කියා සිටියේ.

දීර්ඝ කරුණු දැක්වීමකින් පසුව විත්තිකරු චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

මෙම තීන්දුවත් සමගම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ආණ්ඩු විරෝධී අදහස් පළකිරීම වළකාලමින් ජනතාව බියගැන්වීමට රජය ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව විත්තියේ නීතිවේදී අජිත් ප්‍රසන්න පැවසීය.

මේ අතර විත්තිකරු භාරයේ තිබී අත් අඩංගුවට ගන්නා ලද ඔහුගේ ජංගම දුරකථන සහ පරිඝණක ආදිය ඔහු වෙත මුදා හරින මෙන්ද අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

BBC

Related posts

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday

නව අගමැතිවරයෙක් පත් කිරීමේ සූදානමක්… නම් දෙකක් යෝජනා වෙයි…

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම ගැන කටක් නාරින අය පලස්තීනය වෙනුවෙන් කොළඹ යකා නටනවා

colombotoday

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday