Colombo Today Local News

“ෆර්දාව ප්‍රශ්නයක් කරගන්න එපා“ නාවලපිටිය විභාග මධ්‍යස්ථානයේ සිදුවීම ගැන අධ්‍යාපන ඇමතිගේ අදහස

2326324545ghgපර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා කියයි.

මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

colombotoday

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday