Colombo Today Local News

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බවය.

සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.

වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමනිසා මෙම වැඩපිළිවෙල අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉදිරි වර්ෂය තුළ වාහන ආනයනය කරන්නේ නම් විදුලිබලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

colombotoday

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday