Colombo Today Local News

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

තම මන්ත්‍රී වැටුප කොවිඩ් -19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

එම වැටුප පරිත්‍යාග කිරීම සඳහා වන ලිපිය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දුන් බවද අමාත්‍යවරයා කීය.

පරිසර අමාත්‍යාංශයේ දී අද (25)දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන වරප්‍රසාදවලින් කොටසක් හෝ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කැප කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව ඊට ප්‍රතිචාර රැසක් ලැබෙන බව ය.‍

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද තමන්ට ලැබෙන මාසික වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ මාසයට තමන්ට හිමි වැටුපෙහි සිට ඉදිරියට කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් තමන්ට ලැබෙන වැටුප රටේ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ආහාර සැපයීම හා සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන්නැයි අමාත්‍යවරයා අදාල ලිපිය බාර දෙමින් ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

“කොවිඩ් කවදා අවසන් වේදැයි කියන්න බෑ. සමහර විට 2025 දී වත් අපිට කොවිඩ්වලින් නිදහස් වෙන්න බැරි වේවි. රටේ මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මගේ හෘද සාක්ෂියට එරෙහිව මගේ පරිහරණය සඳහා මට යොදා ගත නොහැකියි. එම නිසා මගේ වැටුප ඒ කොවිඩ් අවසන් වන තෙක් මා ලබා ගන්නේ නැහැ. සමහරු මෙවැනි පරිත්‍යාග කිරීම් පවා හෑල්ලුවට ලක් කරනවා. මම වෙනත් ආදායම් ඇති කෙනෙක් නොවෙයි. එහෙත් මම මින්පෙර ජීවත්වූ ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව මම මගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා” යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.

Related posts

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

Admin

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

colombotoday

“ඇවන්ගාඩ් අවි නැව ගැන රාජිත කීවේ පට්ටපල් බොරු“ රජයේ රස පරීක්ෂක නිලධාරී සංගමය තහවුරු කරයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday