තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බලෙන් ලබාගත්තක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පෙරේදා 23 පැවති අම්බලන්ගොඩ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර තමන්ට ශ්‍රීලනිප සභාපති පදවිය පැවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්කමින් හා ඔහුගේ ඉල්ලීමක් අනුව බවද පැවසීය.
ශ්‍රීලනපයේ පෙර සිටි නායකයන්ට මෙන් තමන්ටත් නිදහසේ පක්ෂයේ කටයුතු කරගෙන යෑමට ඉඩ ලැබෙතැයි සිතුවත් මේ ලෙස කරදර කරන බව දන්නවානම් පක්ෂ නායකකම භාර නොගෙන සිටීමට තිබූ බවද පැවසූ ජනාධිපතිවරයා අලුත් පක්ෂ හෝ ආණ්ඩු හදන්නට කලින් රටට හොඳ ආණ්ඩුවක් අවශ්‍ය බවත් එයට ශක්තිමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයක් අවශ්‍ය බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1105370896189834/” width=”500″ height=”400″ onlyvideo=”1″]