බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුව චෝදනා එල්ල කර තිබියදී අර්ජුන් ඇලෝෂියස්ට අයත් ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගම තව දුරටත් මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නිම වනතෙක් චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් වහා ඉවත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විටත් එම සමාගම එම ලැයිස්තුව භාවිත කරමින් කොටස් මිලට ගැනීම, බැංකු මිලට ගැනීම, මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට පවා කටයුතු කර ඇති බවත් මේ තත්වය නිසා තමන් කෝප් කමිටු සභාපති ලෙස අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.