Colombo Today Local News

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25)දින ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කෙරෙනු ඇති.

88 හැවිරිදි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වැඩ වාසය කළේ, ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේ ය.

1933 ජනවාරි 26 වැනිදා ගම්පහ, කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ, කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙනි.

15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් ව අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා 1954 ජූලි 10 වැනිදා කළුතරදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එතැන් පටන් සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.

1970 වසරේ සිට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අමරපුර නිකායේ ඉහළ තනතුරු හෙබවූ අතර, එම මාහැඟි ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය 2007 වසරේදී උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමුවේ ය.

ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබුවේ 2017 වසරේදී ය.

උන්වහන්සේ ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද , ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන ඇතුළු ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ මහතෙර නමකි.

රටවල් රැසකට ගොස් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළ මහා නාහිමියන් ග්‍රන්ථ 30 කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.

Related posts

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

colombotoday

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

සහරාන්ගේ සගයකුට අක්කර 35 ක ඉඩමක්.. – සී.අයි.ඩී. පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිට ලිපියක්

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

colombotoday