Colombo Today Local News

මුදල් සංසරණයට නව කාසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර ඇත.

කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Related posts

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

colombotoday

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin