Colombo Today Local News

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානීත්වයෙන් යුතු ‘ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය‘ විසින් මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් ‘නෝම්බි‘ උපවාසය අතහැරීමේ උත්සවයක් ඊයේ ගම්පහ ප්‍රදේශයේදී සංවිධානය කර තිබිණි.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සදහන් කළේ සිංහල බෞද්ධ අන්තවාදීන් පිරිසක් විසින් මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර සිදුකරමින් සිටින බවයි. මුස්ලිම් ජාතිකයන්ට පහර දීම්  සිදුවන බවත්, ඔවුන්ගේ කඩ සාප්පු, නිවාස ගිනි තබන බවත්, මහ මගදී ඔවුන්ට නින්දා අපහාස සිදු කරන බවත්  ඇය එහිදී කියා සිටියේය.  සුළුතරයක් වු සිංහල බෞද්ධ අන්තවාදීන් පිිරිසක් විසින් මෙරට ආගමිවාදී ජාතිවාදී ගැටුම් ඇතිකරන බවද ඇය ප්‍රකාශ කළේය.

ඇය කළ මෙම ප්‍රකාශය ජාතික රූපවානිය ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමද විශේෂත්වයකි.

පසුගිය  දිනවලදී  මුස්ලිම් ජාතික වෙළදසැල් කිහිපයකට පහර දීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූවද, ඒවා හුදකලා සිදුවීම් මිස සංවිධානාත්මක ප්‍රහාරයන් නොවන බවට මේ වන විට හෙළිදරව්  වී  ඇත. එසේ තිබියදී මෙරට සමස්ථ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් බෞද්ධයන් විසින් තාඩන පීඩන සිදු කරන්නේ යැයි ඇගවෙන අකාරයෙන් අමූලික බොරු සමාජගත කරමින් නැති ජාතිවාදයක් ඇවිලවීමට  හිටපු ජනාධිපතිනිය දරණ උත්සාහය පිළිකුල් සහගතය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1477069692331304/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පියවර

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

colombotoday