Colombo Today Local News

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

නාවක්කුලියේ සමිද්ධිසුමන විහාරස්ථානයේ ඉදිකරන්නට නියමිත චෛත්‍ය රාජයාණන් වහන්සේට එරෙහිව පැවැති අධිකරණ ක්‍රියාවලියකදී මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය ප්‍රකාරව චාවකච්චේරියේ මහෙස්ත්‍රාත්තුමිය විසින් අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය පිළිබදව ජාතික විද්වත් සංඝ සභාව විසින් බෞද්ධාලෝක මාවතේ පිහිටි ශාන්ති පදනමේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශාස්ත්‍රපති කොටපොළ අමරකිත්ති හිමියෝ මෙසේ අදහස් පල කලහ.

ආගමික හා ජාතික සංහිඳියාව ගැන විවිධ අය විවිධ කතා කියනවා. බෞද්ධාගම පදනම් කරගත්තු අපරටේ ඈත ඉතිහාසය පටන් අන්තර් ආගමික සහසම්බන්ධතාවය ඉතා හොඳින් පවත්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ප්‍රකාරව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිව තිබෙන බැවින් ඒ පිළිබඳව උනන්දුව යාපනය, වාචකච්චේරිය මහේස්ත්‍රාත් එස්.චන්ද්‍රසේකරන් මහත්මියගේ හැසිරීම සම්බන්ධයෙන් අපේ ගෞරවය එතුමියට හිමිවෙනවා. උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඇති එකම විහාරස්ථානය නාවක්කුලිය සමිද්ධි සුමන විහාරස්ථානයයි. එම විහාරස්ථානයේ ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන්වහන්සේ ඉදිකිරීම සම්බන්ධයෙන් චාවකච්චේරිය ප්‍රා දේශිය සභාවේ ලේකම්තුමිය, වාචකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකරනු ලැබු නඩුවේ දී එස්.චන්ද්‍ර සේකරන් මහේස්ත්‍රාත් තුමිය පහළ මට්ටමේ නීතියට වඩා 09වන වගන්තියට ප්‍රකාරව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන බැවින් චෛත්‍යරාජයාණන්වහන්සේ ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය අවසරය වහා ලබාදීමට කටයුතු කරන ලෙස අධිකරණයට දන්වා තිබෙනවා. භික්ෂූන්වහන්සේ විත්තිකූඩුවේ යවනවා වෙනුවට අසුන් පනවා ගෞරව දක්වා එම තීන්දුව ලබාදී තිබෙනවා. තමන්ට වතුර පිපාසය තිබුණද එය පසෙකලා භික්ෂූන්වහන්සේලාට ගිලන්පස පිළිගන්වන ලෙස එතුමිය දන්වා තිබෙනවා. භික්ෂූන්වහන්සේලා ගිලන්පස ප්‍රතික්ෂේප කොට පැන් පමණක් වැළදීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය ජලය පානය කොට තිබෙනවා. සම්භවයෙන් දෙමළ වූ ඇදහිල්ලෙන් හින්දු වූ එම විනිසුරුවරියගේ මේ හැසිරීම හා ක්‍රියාකිරීම අධිකරණ ඉතිහාසයටම ඉතා වැදගත්වූවකි. අපි එතුමියට ප්‍රණාමය පුද කරනවා. ආශිර්වාද කරනවා.

ආගමික සංහිඳියාව ගැන කදිම නිදසුනක් ප්‍රකාශ කරන්නට කැමතියි. මෙරට නැගෙනහිර පළාතේ මහා භික්ෂු සංහාරයක් ඇතුළු ජන සංහාරයක් සිදුකිරීමට දායක වූ කරුණා අම්මාන් මහතාගේ ඥාති පවුලක දියණියක් පසුගිය දවසක දංකොටුව ප්‍ර දේශයේ දී වළකට වැටී මියගිය පසු එම දියණියගේ අවසන් කටයුතු පන්සලේ සිදුකරන්නට තරම් භික්ෂූන්වහන්සේ ඉදිරිපත්වී තිබුණා. මා එය දැනගත්තේ එම විහාරස්ථානයේ දම් දෙසීමට ගිය අවස්ථාවේ. බෙදුම්වාදී අදහස් ඉදිරිපත් කරන විග්නේෂ්වරම් මහඇමතිතුමා දෙමළ සංධානයේ මන්ත්‍රීතුමන්ලා මෙවැනි ක්‍රියාවන් දැක දැන අවබෝධ කොට ලංකාවේ සිව්කොන ආගමික සහජීවනයට මඟපාදා ගැනීම වටී. වැල්ලවත්ත, තොටළඟ, පිටකොටුව, මාළිගාවත්ත කුමන තැනක බැලුවත් වැඩි වශයෙන් වාසය කරනු ලබන්නේ සිංහලයන් නොව අන්‍යජාතිකයන්ය. එසේ වුවද ඔවුන්ට කිසිදු හිරිහැරයකින් තොරව එම ස්ථානවල වාසය කිරීමට හැකිය. තම ආගම නිසි සේ ඇදහිය හැකිය. එබැවින් ඉහත විනිසුරුතුමියගෙන් පාඩම් ඉගෙන සමස්ත ජනතාවගේම සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන ලෙස උතුරේ බෙදුම්වාදයට පාර කපන සැමට අවධාරණය කර සිටිමු. රාජ්‍ය නොවන සංවිධාන වල ඉත්තන් බවට බොරු ආගමික බෙදුම්වාද කලකෝලහාල ඇතැයි යන්න පිළිනොගන්නා ලෙස රටවැසියන්ට අප දන්වා සිටිමු.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

Related posts

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

මහ මගදී හදවත් රෝගයක් වැළඳුණු අයෙකුගෙන් මුදල් කොල්ලකා පලාගිහින්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

ඇමති පුතෙක් හොර අල්ලන්න හරීන්ගේ කාර්යාලයට පැනලා… හරීන්ට අසූහාරදාහටම තද වෙයි (Video)

colombotoday

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

colombotoday