එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ වගකීම පක්ෂයේ උප නායක රවී කරුණනානයක මහතා සහ කබීර් හෂීම් මහතාගේ ප්‍රධානීත්වයෙන් යුතු කමිටුවකට බාර දී ඇතැයි එජාප ආරංචි මාර්ග සදහන් කරයි.
රවී – කබීර් එකතුව ඉදිරි දින කිහිපයේදී පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ නායකයින් මුණගැසී එජාපය ජයග්‍රහණය සදහා මෙහෙයවීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට නියමිතය.
අදාළ කමිටුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
මේ අතර අගෝස්තු 03 වනදා එජාපයේ සියලුම ආසන සංවිධායකියන් සහ දිස්ත්‍රික් නියෝජිතයින් කොළඹට කැදවීමට නියමිත බවද සදහන් වේ.