Colombo Today Local News

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

ඔක්ටේන් 92 ඉන්ධන මිල පහත දැමීමට රජය කටයුතු කළ ද ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 318 ක් ලෙසටයි.

මීට පෙර ද අවස්ථාවක ඉන්ධන මිල පහත ගිය ද ත්‍රිරෝද රථ සංගම් ගාස්තු අඩු කිරීමක් සිදු කළේ නැහැ.

ඔවුන් පවසන්නේ අමතර කොටස් මිල ඉහළ යාම ඊට හේතුව බවයි.

එසේම රජයෙන් ලබා දෙන ඉන්ධන කෝටාව ද පසුගිය දා ඉහළ දැමීමට රජය කටයුතු කළත් එය ද ප්‍රමාණවත් නොවන බව එම සංගම් පවසයි.

මීට පෙර අඩු වූ ප්‍රමාණය සහ ඊයේ අඩු වූ මිල සැසඳීමේ දී ගාස්තු අඩු කරන්නේ නම්, අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණක් වන බව ඔවුන් වැඩි දුරටත් කියා සිටි.

Related posts

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

colombotoday

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday