Colombo Today Local News

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

නීති විරෝධීව රත්රන් හා ජංගම දුරකතන තොගයක් ගෙන ඒම හේතුවෙන් වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ගේ සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ වාර්තාවක් කැඳවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවය.

අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගෙන් අදහස් ඉදිරිපත් වී ඇත.

එවැනි තත්ත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බව කතානායකවරයා සඳහන් කරයි.

කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් සහ ජංගම දුරකතන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී පසුගිය 23 වැනි දා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් අත්අඩංගුවට ගැණුනි.

පසුව ඔහු නිදහස් කෙරුණේ රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමෙන් අනතුරුවයි.

Related posts

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

මුතුහෙට්ටිගමට ඇප

Admin

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday