Colombo Today Local News

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

regu-021තක්‌සේරු වටිනාකම අඩුවෙන් දක්‌වමින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන අටසියයකට (800 ක) අධික සංඛ්‍යාවකට අදාළ පරීක්‍ෂණ අත්හිටුවන ලෙසට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කළ නියෝගයක්‌ නිසා රේගු නිලධාරීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

මෙම පරීක්‍ෂණ අත්හිටුවීම නිසා රේගු බදු වශයෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි හාරසීයක මුදලක්‌ අහිමි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. ආර්. පී. විඡේකෝන් මහතා පැවසුවේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය පසුගිය 21 වැනිදා රේගු අධ්‍යක්‍ෂ පී. ආර්. අතුකෝරළ මහතා විසින් සියලුම රේගු නිලධාරීන් වෙත ලිතව දැනුම් දී ඇත.

රේගු අධ්‍යක්‍ෂවරයා මෙම නියෝගය දී තිබෙන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් 2015 පෙබරවාරි 10 දා නිකුත් කළ 1901/03 දරන ගැසට්‌ නිවේදනය ද උල්ලංඝනය කරමින් බව විඡේකෝන් මහතා පැවසීය.

මිල තක්‌සේරු කිරීම සඳහා රේගුවේ රඳවාගෙන පරීක්‍ෂණ පවත්වන වාහන අටසියයට අධික සංඛ්‍යාවට බෙන්ස්‌, අවුඩි, බී. එම්. ඩබ්ලිව්, රේන්- රෝවර් වැනි වාහන අයත් බව ද හෙතෙම කීය. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය නිසා මෙම වාහනවල නියම තක්‌සේරු වටිනාකම ගණනය කර ඊට අදාළ රේගු බදු අයකර ගැනීමේ පරීක්‍ෂණ අකර්මණ්‍ය වී ඇතැයි කී විෙ-කෝන් මහතා, අදාළ ගැසට්‌ නියෝගයට අනුව රේගු නිලධාරීන්ට මෙම වාහනවල නෛතික මිල වටිනාකම තීරණය කිරීමේ බලය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

– දිවයින

Related posts

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

colombotoday

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

colombotoday