Colombo Today Local News

දුම්රියක් පීලි පැන නියාමක මැදිරිය පෙරළෙයි – 16ක් රෝහලේ…

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රියට සම්බන්ධක දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

දුම්රිය අග්බෝපුර දී මෙම පීලිපැනීම සිදුවී ඇති අතර, මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්වී ඇත.

එසේම, නියාමක මැදිරිය පෙරළීගොස් ඇති අතර, එහි සිටි සහයක නියාමකවරයා තුවාල ලබා තිබේ.

අනතුරෙන් මඟීන්ට ද තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පුද්ගලයින්ව ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙනයෑමට පියවර ගෙන තිබේ.

මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday