Colombo Today Local News

ආහාර විෂ වී නානුඔය සිසුන් 31ක් රෝහලේ

ආහාර විෂ වීමකින් නානුඔය ප්‍රාථමික විද්‍යාලයක සිසුන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක,වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, පාසලේ දී ලබා දුන් දිවා ආහාරය ගැනීමෙන් පසු එම ළමුන්ට වමනය හා ක්ලාන්ත වී ඇති බවයි.

ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කරයි.

මේ පිළිබඳව සොයා බැලීමට නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු කණ්ඩායමක් අදාළ පාසල වෙත යවා ආහාර සාම්පල් ලබා ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා පවසයි.

ආහාර පිසිමට උපයෝගි කරගත් අමුද්‍රව්‍ය සාම්පල් කිහිපයක් ද ඔවුන් ලබා ගෙන ඇති අතර ඒවා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසයනාගාරයට යොමු කිරිමට නියමිතයි.

Related posts

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

රු.කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ….

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

හාල් ටිකත් අරක්කු පෙරන්න දීලා.. මත්පැන් හිඟය පියවීමට බදු සහන දුන් එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි

colombotoday