කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන ජුනි මාසයේදී ආරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යංශය කියා සිටියි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, අදියර 03ක් යටතේ එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි.
මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් පවරා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීම වෙළෙඳපොළ වටිනාකම අනුව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.