Colombo Today Local News

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගය මිශ්‍ර සුනඛයෙකි.

නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට කොකෝ පුරුදුව සිට ඇති අතර කොකොගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු සොයා ගෙන ඇත.

සුනඛයන් දෙදෙනාගේ මත්පැන් ඇබ්බැහි වීමට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී එක් සුනඛයෙකු මියගොස් තිබේ.

කොකෝ දැඩි සත්කාර ඒකකයේ තබා ගනිමින් පශු වෛද්‍යවරුන් මාසයකට අධික කාලයක් ප්‍රතිකාර කර ඇත. කොකෝට දැන් අනතුරක් නොමැති බවත් කොකෝ සාමාන්‍ය සුනඛයෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරෙන බවත් පශු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මත්පැන් පානයට ඇබ්බැහි වූ සුනඛයකුට ප්‍රතිකාර කළ ප්‍රථම අවස්ථාව මෙය බවද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.

Related posts

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

ගෝඨාභය ජනපතිට, මහින්ද අගමැතිට, අලි සබ්‍රි ඇමතිට තවුහිඩ් ජමාත් උත්තමාචාරය.

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

මාකදුරේ මදූෂ් හෙරොයින් සමග කොටුවූ අවස්ථාව… ඩුබායි හිටියොත් මරණ දඩුවම… ලංකාවට ගෙනාවොත් ඇප?

colombotoday