Colombo Today Local News

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා වේ.

විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියව වීඩියෝ කර ඇය වෙත යවන බව වැඩිදුරටත් අනාවරණයවී තිබේ.

කොතරම් හැඬුවත් දරුවාගේ ඇඬිල්ල තඹ දොයිතුවකට මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කරන බව වාර්තා වේ.

ඇය ඒ පිළිබඳව ඇගේ මවට පවසා තිබෙන්නේ මෙම පහරදීම දරාගත නොහැකි තැනය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවාගේ මිත්තණිය,

“මේ මාසේ සල්ලි දෙන්න පරක්කු වුණ නිසා තමයි ළමයට ගහලා තියෙන්නේ. ඊයේ හවස තමයි මට වීඩියෝ ටික එවලා තිබ්බේ. දරුවට ගහනකොට මට ලොකු ගින්නක් ඇති වුණා. මට එක පාරටම තමක් වුණේ පොලීසිය. ඉතින් මම පොලීසියට ගියා.”

පහරදීමට අදාළව බකමූණ ප්‍රදේශයේ පදිංචි දරුවාගේ පියාව ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (10)දින හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔහු මෙම විවාහයට පෙර තවත් විවාහයක් සිදු කරගත් අයෙක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

Related posts

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

Admin

ලංකාවේදී හෙරොයින් ජාවාරමේ යෙදුනු පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් සිරගෙට

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday

යහ­පත් සමා­ජ­යක් බිහි කිරී­මට නම් අය­හ­පත් ක්‍රියා නැවැ­ත්විය යුතුයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති සරත් වීර­සේ­කර

colombotoday