Colombo Today Local News

13 ක්‍රියාත්මක කර අවසන්… අනුර දිගටම ජනාධිපති හීනයේ ඉන්න – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ. ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු යැයි අමාත්‍යවරයා පැවසීය.

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැතැයි ද රණතුංග මහතා කීය.

මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සර කර ගන්න හොඳ නැතැයිද ඔහු කීවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday