Colombo Today Local News

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

මට්ටක්කුලිය හා ඒ අවට ප්‍රදේශ වල මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජවාරම්කාරියක් වු “නින්ජා” නැමැත්තිය රුපියල් ලක්ෂ 13ට ආසන්න වටිනා හොරොයින් සහ මුදල් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද (31)දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 8ට ආසන්න හෙරොයින් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 6ට ආසන්න මුදල් තිබු බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත (42) හැවිරිදි කන්තාවක් බව පොලිසිය කියයි.

මැය අත්අඩංගුවට ගැනීමට යමින් සිටියදී වත්තල ප්‍රදේශයට පලාගොස් ඇති බවත්, ඇය වත්තල සිට හෙරොයින් රැගෙනවිත් හේනමුල්ල කැඳවුර ප්‍රදේශයේ ජාවාරම්කරුවන් අතට ලබා දෙන බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන හේනමුල්ල කඳවුර වෙත පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හොරොයින් ග්‍රෑම් 30 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

සැකකාරිය කුමන ජාවාරම්කරවකුගේ හෙරොයින් ජාවාරම් කරන්නේ ද යන්න හෙළි කර ගැනීම සදහා ඇය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

Related posts

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම් එල්ල කළ කරයි.

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

මනාප ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

colombotoday

විජේදාස නෙරපීම ගැන “ෆුට්නෝට් ඇමතිලා” උදම් අනයි.. ඇමතිකමෙන් නෙරපූ හේතුව හෙළිවෙයි !

colombotoday