Colombo Today Local News

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

ඖෂධ වර්ග තුන්දහසක් පමණ ආනයනය කෙරෙන නමුත් ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පහසුකම් ඇත්තේ වර්ග තුන්සිය දහසයකට අදාළව පමණක් බව අනාවරණය වී තිබේ.

පසුගිය වසරේ ජුනි මාසයේ සිට නියැදි 193ක් ඖෂධ නීතිගත සංස්ථාව වෙත යවා තිබෙන අතර ඉන් නියැදි 45ක් තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇත. මේ අතර වෛද්‍ය සැපයීම් අංශයෙන් රජයේ රෝහල්වලට නිකුත් කළ ඖෂධ ඇතුළු සැපයීම් තත්ත්වයෙන් බාල බවට වන චක්‍රලේඛ අසූවක් ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේ දී නිකුත් කර තිබේ.

දැනට පවතින තත්ත්ව රසායනාගාර පරීක්ෂණ පහසුකම් හා ඒවායේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෛද්‍ය සැපයීම් අංශය වෙත ලැබෙන සියලු ඖෂධ තොග තත්ත්ව පරීක්ෂණයන්ට ලක් කිරීම ප්‍රායෝගික නොවන බව රාජ්‍ය අමාත්‍යාංශය ජාතික විගණන කාර්යාලයට දැනුම් දී ඇත.

විගණන පරීක්ෂණයකට අදාළව මෙම දැනුම් දීම කර තිබෙන අතර ජාතික විගණන කාර්යාලය අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත්තේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් රෝහල්වලට ඖෂධ නිකුත් කරන ලෙසත් තත්ත්වයෙන් බාල ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ අවදානම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

Related posts

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

Admin

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday