Colombo Today Local News

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියක දීමනා ගෙවලා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා පසුගිය 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

අතිකාල හෝ නිවාඩු දින ආදී දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ පහසුකම නොමැති බවයි.

වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත් ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරීහු එම නිලධාරීන්ට මෙහිදී නිර්දේශ කර තිබේ.

Related posts

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday