Colombo Today Local News

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

සූක්ෂම ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අද (17) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටිය ආසන්නයේ පිහිටි, ලඳු කැලෑවක් තුළ එම පුපුරුණ ද්‍රව්‍ය සඟවා තිබිය දී නාවික හමුදාවට නිරීක්ෂණය වී ඇත.

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කරයි.

එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Related posts

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday