Colombo Today Local News

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

කොල්ල කන ලද තීරෝද රථයකින් ගොස් රන්මාල කොල්ලකා ඒවා විකිණීම සඳහා පිටකොටුව හෙට්ටිවිදියට පැමිණ සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.

එම සැකකරුවන් කොල්ල කන ලද රන්මාල තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කුලී ගමනක් යන මුවාවෙන් ඇඹිලිපිටියේදී තීරෝද රථ රියදුරකු කැඳවාගෙන පැමිණ පල්ලෙ බැද්ද ප්‍රදේශයේදී රියදුරට පහරදී තීරෝද රථය කොල්ලකා ගම්පහ, කළුතර උතුර සහ දකුණ ප්‍රදේශවලදී මහමග ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

ගම්පහ ප්‍රදේශයේදී කොල්ල කන ලද රන් මාලයක් මීට පෙර සැකකරුවන් විසින් හෙට්ටිවීදියට විකුණා තිබියදී සැකකරුවන් අනාවරණය කළ තොරතුරු මත පොලිසිය මගින් සොයා ගැනිණි.

Related posts

හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට

Admin

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday

ඉදිරි සතියේදී පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin