Colombo Today Local News

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ සැපයුම අඩාල විය හැකි බවට එම එන්නත් නිෂ්පාදන සමාගම අනතුරු අඟවා තිබෙනවා.

කොවිඩ් වෛරසයට එරෙහිව සැලසුම් කළ එනන්ත පසුගිය වසරේ අප්‍රේල් මස මුලින්ම පරීක්‍ෂා කෙරුණා.

ඉන් අනතුරුව දහස් සංඛ්‍යාත පුද්ගලයින් යොදාගෙන මානව අත්හදාබැලීම් සිදුකළ මෙම එන්නත ඉකුත් මාසයේ දී බ්‍රිතාන්‍ය තුළ හදිසි භාවිතය සඳහා අනුමත කෙරුණා.

සායනික පරීක්‍ෂාවලදී 70%ක ඵලායිතාවක් පෙන්නුම් කළ එන්නත හදිසි භාවිතය සඳහා බංගලාදේශය, පාකිස්ථානය, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් කිහිපයකින්ම අනුමත කළා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තුළ මේ වනවිටත් භාවිත කෙරෙන එන්නත යුරෝපා සංගමයෙන් අනුමත කර නොමැති අතර, ඒ පිළිබඳ තීරණයක් මේ මස 29 වැනි දින ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, එම එන්නත් නිෂ්පාදන සමාගම දක්වා ඇත්තේ එන්නත් නිෂ්පාදනය පහළ බැසීම නිසා සැපයුම අඩාල විය හැකි බවයි.

Related posts

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

ජනපති අද ලංකාගමට

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday