Colombo Today Local News

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් සහල් ආනයනය නතර කිරීමට සිදුවන බවට පිටකොටුව සහල් ආනයනකරුවන් අනතුරු අඟවති.

ආනයනික සහල් සඳහා උපරිමික සිල්ලර මිල ඉවත් කරන ලෙස හෝ ආනයන බද්ධ රුපියල් පනහ දක්වා අඩු කිරීමක් අත්‍යවශ්‍ය බවද ආනයනකරුවන් අවධාරණය කරති.

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද නිසා රජය නියම කර ඇති පාලන මිලට එම සහල් අලෙවි කිරීමට කිරීමේදී කිලෝවකින් රුපියල් පහළොවක පමණ පාඩුවක් සිදුවන බවද ආනයනකරුවන් පෙන්වා දෙති.

මේ නිසා ඇතැම් ආනයනකරුවන් ආනයනික සහල් තොග මෙතෙක් වෙළඳපොළට නිකුත් නොකර තිබෙන බවද ඔවුන් කියා කියා සිටිති.

රට තුළ ඇති සහල් හිඟයට විසඳුමක් වශයෙන් සහල් ආනයනය කරන අතර මේ වන විට ඉන්දියාවෙන් මෙට්‍රික්ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

Related posts

FCID ලොක්කා සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව

colombotoday

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

Admin

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday