Colombo Today Local News

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

ජනාධිපතිවරයා හා වත්මන් රජය ගන්නා නිවැරදි තීන්දු තීරණ වලට තම පක්‍ෂයේ සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය එළැඹුනු එකඟතා මත ඩොලර් මිලියන 300ක මුදලක් මෙරටට හිමිවන බවත් එය රටට ඉතාම සුභදායී දෙයක් හෙතෙම පවසයි.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිසි ලෙස කළමනාකරණය කරමින් සිටින බවත් එය ධනාත්මක ලකුණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එනිසා ජනාධිපතිවරයා ගන්නා රටට වැදගත් ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දීමට තම පක්ෂය සූදානම් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින්

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

“අගමැති රනිල් සමග තවත් වසනු බෑ..“ අගමැතිට එරෙහිවූ ශ්‍රිලනිප ඇමතිලාගෙන් ජනපතිට ලිපියක්

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday