Colombo Today Local News

නිධන් සොයා කැනීම් ඇරඹේ

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය.

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුතු සිදු වේ.

මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා තිබේ.

එමෙන්ම ආරක්ෂක අංශය ද අවස්ථා කිහිපයකදී නිධන් හැරීම සඳහා භාවිතකළ උපකරණ සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර හිමිනමක් ද සිටින බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළි වී ඇත.

නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූ විද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙහි කැණීම් කටයුතු සිදුවේ.

Related posts

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන NGO, අමිත් වීරසිංහට පහරදීම ගැන නිහඩ ඇයි ? – හෙළ උරුමය විමසයි

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday