ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වුව ද මෙවර මහා මැතිවරණය සඳහා ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි.
ඒ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් සහ පුබුදු නුවන් සමරවීර වන අතර මොවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පුරවැසියන් බවට සමාජ මාධ්‍යවල තොරතුරු හුවමාරු වෙයි.
ටී.එම්. ඩිල්ෂාන්, රංජන් රාමනායක නායකත්වය දරන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් ද පුබුදු නුවන් සමරවීර ජාතික ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් ද තරඟ කරන බව දැනගන්නට තිබේ.