Colombo Today Local News

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම වීඩියෝව දින කිහිපයක සිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ.

ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ජාතික ජන බලවේගයේ පක්ෂ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ” අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බව පාර්ලිමන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

1977 වර්ෂයට පසුව මෙරට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අසා තිබුණත් 1994න් පසුව එම සංස්කෘතිය අවසන් බව පෙන්වා දුන් ඒ මහතා පසුගිය කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව සුමට ආකාරයෙන් බල හුවමාරුව සිදුවූ බවද සඳහන් කළේය.

මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

” සමාජ මාධ්‍ය තුළ සැරිසරන ජාතික ජන බලවේගයේ, එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුවේ යැයි කියන පුද්ගලයෙක්, ඔවුන්ගේ ටී ෂර්ටයකින් සැරසී ප්‍රකාශයක් කරනවා. ” අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. බලයට ආවම අපි බලාගන්නම්. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා” කියන කාරණය ප්‍රකාශ කරනවා.

මෙය ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක්. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්නයි ආවෙ.අරගලය හමුවේ දේපළ ජීවිත විශාල වශයෙන් හානිවන ආකාරය අපි දැක්කා. මේ ප්‍රකාශය මටත්, මගේ පාක්ෂිකයන්ටත්, රටේ සාමය අගයන සියලුම පුරවැසියන්ටත් කලබල විය යුතු කාරණයක්. 1977 පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අපි අහලා තියෙනවා. කියවලා තියෙනවා හැබැයි, 1994 එය කෙමෙන් අවසන් වුණා. එවැනි තත්ත්වයක් අද රට තුළ නැහැ.පහුගිය කාලයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැතිව සුමට ලෙස බලය හුවමාරු වුණා.

මේ අය උත්සාහ කරන්නේ නැවතත් පශ්චාත් මැතිවරණ ක්‍රියා සංස්කෘතිය ආරම්භ කරන්න. සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් කරන්න. රට නොසන්සුන් කරන්න. මේ විදිහට ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹුණොත් රටේ සංචාරක ව්‍යාපාරය කඩාවැටෙනවා. ව්‍යාපාර බිඳවැටිලා රට නැවත සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් තියෙන වෙලාවක මෙවැනි බිය වැද්දීම් සුදුසු නැහැ. මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරපු අය අදිටන සංවිධානයේ පිරිසක්ද ? ඒක ඒ අයගේ මතයද, එහෙම නැත්නම් මොකක්ද? විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එළියට ගිහින් දේවතාවක් අවි ආයුධ ගත්තු කණ්ඩායමක්. මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා හමුදා කුමන්ත්‍රණයකට අර අදින බව. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව කිසි ප්‍රකාශයක් කළේ නැහැ. අද අපට පැහැදිලිව පේන්න තියෙනවා බලල මල්ලෙන් එළියට පැනපු ආකාරයක්. ඒ සාමාජිකයො කියනවා අපි බලාගන්නම්. සියලු දෙනාට ගහනවා කියලා. ඒ කියන්නෙ ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා කියලා. සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ.

අපි ජාතික ජන බලවේගයට බය නැහැ. ප්‍රචණ්ඩත්වයට බයයි. ෆැසිස්ට්වාදයට බයයි. අපි මේ රට උතුරු කොරියාවක් වෙනවට බයයි. ඒ තත්ත්වය ඇතිවෙන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඕනෑම බලය හුවමාරු වීමක් ගැන අපට ගැටළුවක් නෑ. ඒක පහුගිය කාලය පුරාවට අපි දැක්කා. මේ උත්සාහ කරන්නේ රට ලේ විලක් කරන්න නම්, පරණ පුරුදු ජනතා විමුක්ති පෙරමුණේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම්, ජනතා විමුක්ති පෙරමුණේ විශ්වවිද්‍යාල ක්‍රියාන්විතය ආරම්භ කරන්න නම්, එය සුදුසු නැහැ කියන කාරණය අපි පැහැදිලිව කියනවා”

Related posts

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday