Sport

තරුෂි වෙනුවෙන් වැය කරන මුදල් අපතේ යෑමක්ද?

ඔසාකා තරග සංචාරයේදී මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න තරග නොවැදීම පිළිබදව ජාතික ක්‍රීඩා සභාව නිසිදු අවස්ථාවකදී ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලා නොසිටි බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ජාතික ක්‍රීඩා සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දුන් බවත් එහි සභාපති වෛද්‍ය මයියා ගුණසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පළවූ වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ ඔසාකා තරග සංචාරයේදී ඉහත ඇති වූ සිදුවීමේදී තරුෂි කරුණාරත්නගේ අනාගතය පිළිබදව අවධානය යොමු කරමින් ඇයට ක්‍රීඩා සභාවේ කණස්සල්ල පළ කළ බවයි.

මහජන මුදලින් ඇයට හා පුහුණුකරුට ගෙවීම් ලබා දෙන බැවින් ඉහත සිදුවීමෙන් එය අපතේ යාහැකි බැවින් ද හා මලල ක්‍රීඩා ආයතනය ලබාදී තිබෙන උපදෙස් ඇය විසින් නොසලකා හැර තිබෙද යන්න පිළිබඳවත් එහි දී අවධානයට ලක් විය.

එබැවින් ඒ පිළිබදව පැහැදිලි කර ගැනීම සදහා ජාතික ක්‍රීඩා සභාව විසින් මෙම විධිමත් පරීක්ෂණය සිදු කර එහි වාර්තාවක් 2024 ජුනි 3 වැනිදා හෝ ඊට පෙර ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලා සිටි බවත් එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් පසුපස

Admin

එළියට විසි වූ කුසල් මෙඩිස් නැවතත් ඇතුලට

Admin

දික්වැල්ලගේ වසර තුනක ක්‍රිකට් තහනම මාස 3න් අවසන් වෙයි

Admin

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

colombotoday

නොනවතින කමිඳු

Admin