Colombo Today Local News

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර බෙදීමක් තිබුණද ඔවුන්ගේ යටි පෙළ අතර එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

බෙදී තරග කිරීමේදී දෙපාර්ශ්වයටම අවාසි බවත් ජාතික ජන බලවේගයට වාසි සහගත බවත් එනිසා එක්විය යුතු බවට මොවුන් සාකච්ඡා කරමින් සිටින බවද පැවසූ ඔහු එම් එවන් ඕනෑම ආකාරයේ සැලසුමක් සඳහා දැන් ප්‍රමාද වැඩි බවද කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

රජයේ ආයතන තුළ ඡන්ද අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම තහනම්

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

colombotoday