Business

පාකිස්තාන අගමැති සමග ව්‍යාපාරික හා ආයෝජන නියෝජිතයින් රැසක් හෙට දිවයිනට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත. අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනි දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මහතා, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වනු ඇත.

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

බැංකු ගිණුම් අරින්න ටින් අංකය අනිවාර්ය කෙරෙයි

Admin

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

colombotoday