සහල් ආනයනය කළ රජයට පාඩු කිරීමට අදාළ කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (26 දා) මහා පරිමාන වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනපති කොමිසමට පැමිණියේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම කොමිසම පිහිටුවා ඇති අතර එහි පොලිස් ඒකකය විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශය ලබාගන්නා බව වාර්තා වෙයි.