Colombo Today Local News

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසුවාය.

ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.

ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.

“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යැයිද ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොවිඩ් අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය.

ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කීවාය.

Related posts

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

බැදුම්කර මගඩියට අදාළ COPE වාර්තාව පිලිබදව නීතිපතිගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට

colombotoday

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

අසාද් සාලි සමාජයට පිළිලයක් – මනුෂ නානායක්කාර කියයි.

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday