Colombo Today Local News

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ විභාගය අද(01)දින සිට ලබන 10 වැනිදා තෙක් පැවැත්වෙන බවයි.

මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති.

උදෑසන 7.45වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙවර විභාගයට කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

Related posts

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

කැනඩාවට සිංහලෙන් ගර්ජනා. ඉංග්‍රීසියෙන් ආයාචනා. | පිනට මන්ත්‍රී වූ සුරේන් රඝවන්ගේ දෙබිඩි කතා.

colombotoday

විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය

Admin

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

Admin