Colombo Today Local News

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා හෙට (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලට යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරියට, මාස හතරක් වයසැති බිලින්දියට සහ අවු පහක් වයසැති දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව ද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසුවේය.

දරු ප්‍රසුත නිවාඩුවෙන් පසු අසාදිත ගුරුවරිය ඉකුත් 28 සහ 30 දෙදින තුල පාසලට පැමිණ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් , එම අසාදිත ගුරුවරියගේ ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මවටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.

නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ළමුන් 1500 ක් පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි අචාර්යය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විත බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.

අසාදිත ගුරුවරිය අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ පාසලේ ළමුන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවටත් , පාසල තාවකාලිකව වසා දමා පාසලේ සමිපතම ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කර පාසල විෂබිජහරණයට ලක් කිරිමට කටයුකු කරන බවද මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.

Related posts

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව එයි.. අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා, රටත් ජාතියත් පෝරකයට

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday