Colombo Today Local News

20 වෙනුවෙන් ඉෂාක් රහුමාන්, මොහොමඩ් අලි, නසිර්, හාරිස්, ෆයිසාල් කාසීම්, මුෂාරෆ්, ඩයනා, නෙල්සන් සජිත් හැර දමා ආණ්ඩුවට ?

විස්ස සම්මතකර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසකගේ සහය පලවී ඇතැයි The Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත.
”අපට හකීම්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙක්, රිෂාඩ්ගේ පක්ෂයේ දෙන්නෙක්ගේ සහය අනිවාර්යයෙන් ම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි විපක්ෂයේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම සහය ලැබෙනවා. සජිත්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුත් අද ආණ්ඩුවට එකතුවෙනවා. ඒ අය ඊයේ රාත්‍රී ජනාධිපතිතුමාව හමුවුනා. ” රජයේ ප්‍රභල අමාත්‍යවරයෙක් පැවසු බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියේයවර්තා කර ඇත.

සමාජ මාධ්‍යවල දැක්වෙන පරිදි අද විස්සට සහයදෙන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙසේය.

අනුරාධපුර මන්ත්‍රී ඉෂාක් රහුමාන් පුත්තලම මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි මඩකලපුව මන්ත්‍රී මොහොමඩ් නසිර් දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් හාරිස් දිගාමඩුල්ල මන්ත්‍රී ෆයිසාල් කාසීම් දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ් ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ පොළොන්නරුව මන්ත්‍රී කිංස්ලි නෙල්සන්.

මිට අමතරව රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි සමග ආණ්ඩුවේ පාර්ශවයන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තා වුවද ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

colombotoday

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday