Colombo Today Local News

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

මත්කුඩු ග්‍රෑම් දෙකට වඩා අඩු ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මහෙස්ත්‍රාත් අධිකරණ හරහා පුනරුත්ථාපනයට යොමුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

පසුගියදා ඇති වූ සිද්ධියෙන් මහර බන්ධනාගාරයට සිදුවී ඇති දේපළ හානි පිළිබඳ තක්සේරුවකින් පසු සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

“අපේ රටේ බන්ධනාගාර 29ක් තියෙනවා. මේවයෙ රඳවගන්න පුළුවන් සාමාන්‍ය ධාරිතාව 11,000යි. අද වෙනකොට අපිට 25,000ක් ඉන්නවා. අපි බලාපොරොත්තුවෙනවා මින් පස්සේ කුඩු ග්‍රෑම් 2කට අඩු නඩු සියල්ල මහෙස්ත්‍රාත් උසාවියෙන් පුනරුත්ථාපනයට අරින්න. හතර සැරයක් වුණත් පුනරුත්තාපනයට අරින්න අවශ්‍ය කටයුතු අපි මේ වනවිට කරලා ඉවරයි. සිරකරුවන්ගේ පවුල්වලින් ඉල්ලා සිටිනවා අපි නිදහස් කරලා එවන පිරිස් නැවත වරක් ඒ වැරදිම නොකරන්න පවුලේ සාමාජිකයන් ඒ වගකීම භාරගන්න කියලා,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

Related posts

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday