Colombo Today Local News

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කරන්නේ 2014 වසරේ තාක්‍ෂණ කමිටුවක් ලබාදුන් නිර්දේශයක් අනුව බව කී සුමිත් විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෑම ඉන්ධන පිරවුම්හලක තියෙන පෙට්‍රල් ඔප්ටේන් 92 බව සහතික කරන බව ද සඳහන් කරයි.

ඉන්ධන ආනයනය කිරීමට පෙර නැව්ගත කරන වරායේදී ස්වාධීන පරීක්‍ෂකයෙක් පරීක්‍ෂා කරන බවත් ආනයන කර පසු වරායේදී ලබාගන්නා සාම්පළ ස්ථාන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රමිතිය සහතික කිරීමෙන් පසුව රට තුළට ගැනීමට අවසර දෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කියයි.

ශ්‍රී ලංකාවට 2014 වසරේ ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කිරීමට තීරණය කළ බව කී සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඔප්ටේන් 92 කට වැඩි ප්‍රමිතියෙන් යුක්ත බවයි.

Related posts

ඩොලර් 48කට ගුවන් යානයක් රඳවා ගැනීමේ සිද්ධියට 3කගේ වැඩ තහනම්

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

උලෙමා සභාවේ ලොක්කා බොදු බලේ ගැන බොරු ප්‍රකාශ සිදුකර පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා

colombotoday

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අත්‍යවශ්‍ය ආහාර සඳහා යළිත් බදු

Admin