Colombo Today Local News

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්


ග්ලයිෆොසේට් වල් නාශකයට වඩා පහළොස් ගුණයකින් විෂ වැඩි ග්ලුෆොසිනේට් වල්නාශකය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

වකුගඩු රෝග ඇති කිරීමට අමතරව පිරිමින් වඳභාවයට පවා පත්කරන ග්ලුෆොසිනේට් වල්නාශකය පසුගියදා හොර රහසේ ලංකාවට ගෙනැවිත් තිබිණි.

වකුගඩු රෝගය ඇති කරන බවට සොයාගෙන තිබෙන ග්ලයිෆොසේට් වල්නාශකය රටතුළ තහනම් කර තිබූ අතර, එයට විකල්පයක් ලෙස හොර රහසේ ග්ලුෆොසිනේට් වල්නාශකය ගෙන්වීමට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් විසින් බවයි වාර්තා වන්නේ.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දොස්තර චන්න ජයසුමන මහතා පවසා සිටියේ ලෝකයේ ඇති ඕනෑම විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඒවා ශ්‍රී ලංකාවේ රසායනාගාර වලින් අනුමත කරවා ගැනීමට හැකිවී ඇත්තේ එම රසායනාගාර අධ්‍යක්ෂක මණ්ඩල වල පළිබෝධනාශක නාශක සමාගම් වල නිලධාරීන්ද කටයුතු කරන නිසා බවයි.

ග්ලුෆොසිනේට් වල්නාශකය ගෙන්වීමට කටයුතු කළ සමාගම් හා මෙවැනි උග්‍ර විෂ වල්නාශකය මෙරටට ගෙන්වීමට අනුමත කරන ලද පුස්ගයන් හෙළිදරව් කළයුතුබව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

Related posts

රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටීමට ඕනෑ තරම් හේතු තිබෙනවා – විමල්

colombotoday

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

Admin

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

colombotoday

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday