Colombo Today Local News

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

r sambandan

ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා නොදෙන බව විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා යාපනයේ පැවැති රැස්‌වීමකදීය.නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය බවත් දැනට ස්‌ථාපිත කර තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය මගින් සම්පාදනය කරන නව ව්‍යවස්‌ථාවේ කෙටුම්පත ද්‍රවිඩ ජාතික සංවිධානය වෙත ඉදිරිපත් කරනු ඇති බවත් සම්බන්ධන් මහතා මෙම අවස්‌ථාවේදී ප්‍රකාශ කර තිබේ.

ද්‍රවිඩ ජාතික සංවිධානය වෙත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු එහි ඇති සියලු වගන්ති ද්‍රවිඩ ජනතාව වෙත හෙළිදරව් කරන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. මෙසේ සකසන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්තින් ද්‍රවිඩ ජනතාවට හිතකර විය යුතු බවද යම් හෙයකින් දමිළ ප්‍රජාවට අහිතකර යෝජනා මෙහි ව්‍යවස්‌ථා කෙටුම්පතේ ඇත්නම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ඊට නොලැබෙන බවද විපක්‌ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

නව ව්‍යවස්‌ථාවට දමිළ ජනතාව කැමැතිනම් පමණක්‌ තම සහායද ඊට ලැබෙනු ඇතැයි ද මෙම රැස්‌වීමේදී ප්‍රකාශ කර ඇති සම්බන්ධන් මහතා දමිළ ජනතාව අකමැති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දය ලබානොදෙන බවද ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin