Colombo Today Local News

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අයවැය පරාදයි

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද(26)දින වැඩි ඡන්ද හතකින් පරාජයට පත්විය.

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය අද 26 වනදා ඉදිරිපත් කරනු ලැබීය.

හාරිස්පත්තුව බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.

කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින් අයවැය පාජයට පත්විය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.

අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දහ තුන් දෙනෙකු සහ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය භාවිතා කර තිබිණ.

Related posts

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday