Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

hjr5112

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි උපලේඛනයේ සඳහන් ආකාරයට සිංහල භාෂාවෙන් සහ සිංහල වචනවලින්ම පමණක්‌ ගායනා කළ යුතු බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ තිදෙනෙක්‌ ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

එම ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධී හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) සහ 12 (2) වගන්තිවලින් ජනතාවට සුරක්‍ෂිත කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්‌ ලෙස තීන්දු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

වී. සංජීව සුදත් පෙරේරා, තිස්‌ස මාවත, ගල්බොරැල්ල, කැලණිය. ප්‍රදීප් ආසිරි සොයිසා, පරාක්‍රම මාවත පෑලියගොඩ, ජී. ඒ. දොන් ප්‍රේමරත්න, පට්‌ටිය හන්දිය, කැලණිය මෙහි පෙත්සම්කරුවෝ වෙති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළ යුතු වුවද පසුගිය පෙබරවාරි 04 දා පැවැති ජාතික නිදහස්‌ උළෙලේදී දෙමළ භාෂාවෙන් ද ගායනා කළ නිසා ප්‍රශ්නයක්‌ මතු වූ බවත් එම උත්සවය සංවිධානය කළේ කවර බලධාරියා විසින්දැයි පෙත්සම්කරුවන් නොදන්නා නිසා රජයේ ප්‍රධානියා වූත් එම උත්සවයේ ප්‍රධානියා වූත් විධායකයේ ප්‍රධානියා වූත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙමළෙන් ගැයීමට ප්‍රධාන වගකිවයුත්තා හැටියට නම්කර මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කිරීමට තමන් තීරණය කළ බව පෙත්සම්කරුවන් සිය පෙත්සමේ මුලින්ම සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය විය යුත්තේ කුමක්‌දැයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කර ඇත. එහි 07 වැනි ව්‍යවස්‌ථාවට අනුව එම ගීය ආරම්භ වන්නේ ‘ශ්‍රී ලංකා මාතා’ යන වචනවලින්. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම අත්තනෝමතික හිතුවක්‌කාර ක්‍රියාවක්‌ වන අතර ලක්‌වාසී ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමකි.

සකල ශ්‍රී ලංකා ජනතාවගේ ගෞරවාදරයට භාජන වී ඇති ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ සැලැස්‌වීම තදින් හෙළාදැකිය යුතු බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin