Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

මහා පරිමාණ වී මෝල් හිමියන් අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කර රජයේ සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් මාසය මුලදී ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

සහල් මිල දිගින් දිගටම ඉහළ දැමීමට මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඉකුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.

මහ කන්නයේ වී අස්වනු අප්‍රේල් මස 05 වැනිදා වන විට නෙළා අවසන් වන බැවින්, ගොවි ජනතාවට අසාධාරණයක් නොවන පරිදි වෙළෙඳපොළේ සහල් මාෆියාව පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.

මේ නිසා රජය අප්‍රේල් මස 05 වැනිදායින් පසුව සහල් තොග ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

සහල් තොග ආනයනය කර සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය කටයුතු කිරීමට නියමිත අතර, අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කළහොත් ආනයනික සහල් තොග වෙළෙඳපොළට නිදහස් කිරීමට නියමිතය.

මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් මිල තවදුරටත් ඉහළ දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සතොස සහ සමුපකාර සමිති හරහා සහල් කිලෝවක් රුපියල් 97 කට අලෙවි කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

Related posts

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

ශ්‍රී ලංකා භූමියෙන් 18%ක් ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය…

colombotoday

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

Admin

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ දෙබානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය… තෙල් හුවමාරු පිළිබඳව සාකච්ඡා

colombotoday