Articles

එදා ප්‍රේමදාසලාට තිබුණු කොන්ද අද යහපාලන බටහිර දාසලාට නැත.. එළඹෙමින් තිබෙන්නේ යක්ෂයාගේ හෝරාවයි !

එදා 50/50 ඉල්ලූ චෙල්වනායගම්ලා..ජී.ජී පොන්නම්බලම්ලාගේ සිට ප්‍රබාකරන් හා විග්නේශ්වරන්ලා දක්වා බෙදුම්වාදී නඩය ඉතාම සාර්තකව පියවර තබමින් ඇත්තේ ඉදිරියටය.

අපට කොතරම් විවේචන තිබුනද එදා ප්‍රේමදාසට තිබූ කොන්ද අද පඹරාලලා වූ රනිල්ට හෝ මෛත්‍රීට නැත. අද මොවුන් දෙදෙනාම තනිකරම විදෙස් රාජ්‍යයන්ගේ අතකොලු පමනි. විදෙස් ඔත්තු සේවාවල කාලසටහනට අනුව ක්‍රියාකරන උන්ගේ වහලුන් දෙදෙනෙකු පමනි.

ආදරණීය මිත්‍රවරුණි! මේ අප ගෙවමින් ඉන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අතිශය තීරණාත්මක අවසන් හෝරා කිහිපයයි. දකුණේ හෝ උතුරේ ජනයාට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු නොකලද මේ ඊණියා යහපාලන ජුන්ටාව ඉටුකරමින් ඉන්නේ කාට දුන් පොරොන්දුද? තත්වය ඉතාමත් පැහැදිළිය.. එදා කෝටි ගනනක් පොම්ප කර ප්‍රබාකරන් ලවා කරගැනීමට කැස කැවූ ඒ අධිරාජ්යවාදී උවමනාව රටේ ජනයාගේ ඡන්දයෙන් පත්වූ නිවට ද්‍රෝහීන් ලවාම කරගැනීමට තරම් ඉන්දියාව ප්‍රමුක අධිරාජ්යවාදී බලවේග ශූක්ෂම වී ඇත.

එදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවූ ප්‍රභලතම බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුන අද බෙදුම්වාදීන්ට වැසිකිළියට වතුර ගෙනයන සක්කිළියන්ගේ තත්වයට ඇද දැමුවේ එහි ඇතුලතින්ම බිඳ දමා රටට ආදරය කරන දෙශප්‍රේමී බලවේග එළියට ඇද දැමීමෙනි.අද ජවිපේ හොරිකඩයන් කරමින් ඉන්නේ උතුරේ තත්වයේ සැර බාල කරමින් ජනයාට බෙදුම්වාදී වස පෙවීමේ ඩයස්පෝරා ඩොලර් මත යැපෙන කොන්ත්‍රාත්තුවයි.

මේ මොහොතේ මේ අභියෝගය ජයගැනීමට එකතු නොවන කිසිදු බලවේගයකට හෝ පුද්ගලයෙක් මේ රටේ සුජාත දූ පුතුන් වන්නේ නැත.මෙය හැර අපට නැවත් එසේ කිරීමට අවස්ථාවක්ද නොළැබෙන බවද ඒකාන්ත වශයෙන් කිව හැකිය.ඉන්පසු එලඹෙන අවස්තාව යනු රටවල් දෙකක් හෝ තුනක් අතර දේශසීමා මායිම් බෙදාගැනීමේ යුද්ධයකට මිස ඒකීය ශ්‍රී ලංකාවක් ගැන කිසිවක් කිරීමට නොවනු ඇත.

කැළුම් ජයසුමන

Related posts

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday

නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!

colombotoday

“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාව

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday