Colombo Today Local News

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

ලංකා කෝල් කම්පැණි (ගල් අඟුරු) සභාපති, නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් කටයුතු කර තිබේ.

2009 – 2016 දක්වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර අවශ්‍ය සංයුතිය, බලතල, වගකීම් සහ කාර්යභාරය පිළිබදව වූ වෙනස්කම් අදාළ පාර්ශවකරුවන්ගේ පුළුල් සාකච්ජාවක් තුළින් තීරණය කොට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යවරයා වෙත නිර්දේශ ලිපියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇති බවත්, එමෙන්ම නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇති බවත් එකී නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් රජයේ ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලද අතර රු.කෝටි 12ට ආසන්න අක්‍රමිකතාවක් සිදුකිරීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරන බවට දූෂණ විරෝධී පෙරමුණ විසින් ද අද අනාවරණය කර තිබිණි.

Related posts

රාජිත “ආවා“ කල්ලිය හමුදාවට පටලවයි.. ගෝඨාගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

colombotoday

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

colombotoday